ලෝක සත්ත්වයා සිතින් මවා ගත්ත ලෝකය සත්‍යයක් නොවෙයි.
මේ සිතේ සත්‍ය නොදන්නතාක් ඔබ සිතිවිලි සංසාරයක අතරමං වී සිහින දකිනවා.
සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට අවදි වී සසර දුක් ගින්දර අමා වැස්සෙන් නිවා සැනසෙන්න.
සුන්දර නිවන් මග විවර කරගන්න.
මෙම දහම් පඬුර සියලු සතහට සසර සයුරින් එතෙර වන සදහම් යාත්‍රාවක් වේවා!
මේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදීමයි
කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ පරම සත්‍යය හෙළි කරන්නට
සුදුසු මොහොත පැමිණෙමින් තිබේ.
ප්‍රඥා හිරු කිරණ දසත හමනවා.
දුකින් මිදෙන සිත් සැනසුම් සුසමින් සැනසෙනවා.
සත්‍යයේ මහා සිංහ නාදය ඔබට ඇසෙනවාද?
ඔබ සංසාර චක්‍රයක අතරමං වෙලා, විටෙක ඔබ සතුටින්, විටෙක ඔබ දුකින්.
මේ දෝලනය වන ජීවිතය කුමක්ද?
ඔබ සත්‍යය දන්නේ නෑ.
සත්‍යය හෙළි කරන්නට අප සූදානම්.
මේ ඔබේ කථාවයි .
ඔබ සසර දුකින් මිදෙන කථාවයි .
සිතින් මිදෙන මඟ
දුකින් මිදෙන මඟ
නිවන් දකින මඟ එයයි නිස්සරන මඟ….
තෙරුවන් සරණයි!