“සිතෙන් මිදෙන මඟ…
දුකින් මිදෙන මඟ…
නිවන් දකින මඟ…
එයයි නිස්සරණ මඟ…”

වසර දෙදහස් පන්සියයක් ගිය තැන නැවතත් බුදු දහම ලෝකයට විවර වෙලා…..

ගෞරවනීය බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ විසින් ඒ සුපිරිසිදු සද්ධර්මය මුල මැද අග හොඳින් ප්‍රත්‍යක්ෂ කොට අසරණ මනුෂ්‍යයා වෙනුවෙන් සිංහනාද කරනවා….

ඔබ මේ පැමිණ සිටින්නේ ඒ ධර්මය නෙලා ගත හැකි පුණ්‍ය භූමියටයි…

බාහිර ලෝකය ඇත්ත කරගත් සත්වයෝ ඒ තුළින් දුක සැප සොයනවා..
නමුත් ලෝකය යනු සිතට මැවෙන මායාවක් මැයි..
අවසන උරැම වන්නේ දුකක්මැයි…

” චිත්තේන නීයතී ලෝකෝ..”

සිතේම මැවෙන ලෝකය සත්‍යයක් නොවේ..මායාව තුළ, බොරුව තුළ ඇත්තේ රැවටීම පමණි…

සත්‍ය නම් කුමක්ද?….
බුදුන් වහන්සේ සෙව්වේ ඒ පරම සත්‍යයයි….
“සත්‍යය නම් සිතම මායාවක් බවයි…”
සත්‍ය දැනගන්නට නම් සිත හැදෙන හැටි දැනගත යුතුයි…
සිත හැදෙන ධර්මතාවය පැහැදිලි කිරීමයි – නිවැරදි බුද්ධ දර්ශණය..

මෙයයි නිවැරදි නිවන් මඟ…

දැන් ඔබට ඒ මඟ හමුවී ඇත. අවබෝධඤාණයෙන් මාර්ගය හෙළිකරන්නා සැබෑ කල්‍යාණ මිත්‍රයායි..

මුලු බෞද්ධ සමාජයම අවදි කරන්නට කාලයයි…
දර්ශනය ගිලිහුණු අසරණ බෞද්ධ සමාජය නිවන් පතන තැනටම වැටිලා නොවේද?!!

සත්‍ය කිසිදා වැළලිය නොහැක….
සියල්ලෝම අවදි වන්න….
දෑස් අරින්නට කාලයයි මේ..

සත්‍ය ධර්මය “බුද්ධෝත්පාදෝ” තුළින් ගිඟුම් දෙනවා…
ඔබට ඇසෙනවා ද?…
මොහොතක් නතර වී දෙසවන් යොමු කරන්න…
ඔබ තුළින්ම සත්‍යය තහවුරු කර ගන්න….
මේ දුර්ලභ මනුෂ්‍යභාවය තුළම නිවන අද්දකින්න

බුද්ධෝත්පාදයට බැති සිතින් ගොඩ වෙන්න..
” ඔබ නිවන් නොදැක්කොත් පමණි,පුදුමය……”

තෙරුවන් සරණයි…